මන්ත්‍රීවරයා සඳලුතලයෙන් බිමට බැස්සවීමට කටයුතු කර තිබෙනවා – නලීන් හේවගේ

වත්මන් ආණ්ඩුව විශාල කැපකිරීමක් සිදු කරමින්, මහජනතාවට නැති මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් කප්පාදු කිරීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.

ආපණ ශාලාවෙන් අඩු මිලට කෑම ලබා ගැනීම, ආරක්ෂාව ලබාදීම හා සුඛෝපභෝගී වාහන ලබාදීම නවතා ඇති බවත්, විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කර ඇති බවයි ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳලුතලයෙන් බිමට බැස්සවීමට කටයුතු කර ඇති බවත්, මේ වනවිට විශාල පරිවර්තනයක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

රට මේ වනවිට යෝධ අඩි තබමින්, විශාල ගමනකට මුල පුරා ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *