ශ්‍රි ලංකා රුපියල කැපී පෙනෙන ලෙස වර්ධනය වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (14) දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.

මේ අනුව පෙරේදා (13) රු. 301.19ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (14) දිනයේදී රු. 300.12 දක්වා රු. 1.07කින් අඩු වී ඇත.

එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (13) වාර්තා වූ රු. 292.61 සිට ඊයේ (14) දිනයේදී රු. 291.57 දක්වා රු. 1.04කින් ද අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (14) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව මේ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *