අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුඛෝපබෝගී මෝටර් රථ 13ක් විකුණන්න මිල ගණන් කැදවයි

අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිතා කරන ලද මෝටර් රථ 13 ක්   විකිණීමට මිල ගණන් කැඳවයි.

 මේ අනුව අවුඩි කාර් එකක්, ටොයොටා ලෑන්ඩ් කෘෂර් V8 මෝටර් රථ හතරක් ,මර්සඩීස් බෙන්ස් රථ දෙකක් ,පෝඩ් මෝටර් රථ දෙකක්, බී.එම්.ඩබ්ලිව් මෝටර්  රථයක් ,මිට්ෂුබිසි මෝටර්  රථයක්,නිසාන් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෘෂර් රථයක්  විකිණීමට අද සිට මෙම මස 28 දක්වා  මිල ගණන් කැඳවා ඇතැයි   අග්‍රාමාත්‍ය කාර්යාලයේ  ප්‍රසම්පාදන කමිටුව සඳහන් කරයි.

2005 වර්ෂයේ සිට 2016 දක්වා නිෂ්පාදිත වර්ෂ සඳහන්  මෙම වාහන අග්‍රාමාත්‍ය කාර්යාල අරලියගහ මන්දිර පරිශ්‍රයෙහිදී 27 දක්වා  පරීක්ෂාකර බැලිය හැකි බවද එම ප්‍රසම්පාදන කමිටුව වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *