පෙබරවාරි 14 වනවිට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 370,000 ඉක්මවා යයි

පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු- දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

අනුව, මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට පෙබරවාරි 14 වන දා දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ දහස ඉක්මවා යයි.

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ පැමිණ තිබෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 20% ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පෙබරවාරි මාසයේ දී ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. රුසියාව සහ එක්සත් රාජධානිය දෙවනුවට සහ තෙවනුව වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි රටවල් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *