රට අනුරට කියා බලය ගෙන අයවැය හරහා රටම IMF එකට යටත් කරලා – සජිත්

අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සංසදනය කළ යුතු බවත් මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්න ඇති බවත් අයි එම් එෆ් එකේ සීමාවන් තුළ අයවැය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කළ යුතු බවත් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස 13%ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ දාපු 13%ක සීමාව අයි එම් එෆ් න්‍යාය පත්‍රයක් බවත් ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයි එම් එෆ් එකේ නිර්දේශ බවත් පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *