හෙට මෙරට උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක් දක්වා ඉහළට

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (17) ප.ව 4:00 නිකුත්කළ එම නිවේදනය හෙට (18) දිනය සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතියි යැයි අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

වැඩි විස්තර පහතින්,

1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *