ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,600කින් වැඩි වෙයි

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ විශාලත්වය කලින් ගණනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩි බව අනාවරණ වී තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය කලින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව වර්ග කිලෝමීටර් 65,610ක් ලෙස සඳහන්ව තිබුණා. 

කෙසේවෙතත් 2024 වසරේදී සිදුකරන ලද නව ගණනය කිරීම් අනුව මෙරට භූමි ප්‍රමාණයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 67,240ක් වන බවයි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර උපුටා දක්වමින් ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව අද වාර්තා කළේ. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලත්වය කලින් ප්‍රකාශයට පත් වූ ප්‍රමාණයට වඩා වර්ග කිලෝ මීටර් 1,630කින් වැඩි බව අනාවරණ වී තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *