සිය නැඟණිය සමඟ පැවති ප්‍රේම සම්බන්ධය නතර කිරීම හේතුවෙන් උරණ වූ සහෝදරයකු විශ්වවිද්‍යාල සිසුවකු වන නැඟණියගේ පෙම්වතාව පැහැරගෙන නිවසට රැගෙන ඒමේ සිදුවීමක් හසලක පොලිසියට වාර්තා වී තිබේ.
මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ පෙරේදා (16)ය. පැහැර ගැනීමට ලක්ව ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි. හසලක කීනපැලැස්සේ පදිංචිකරුවෙක් වන 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා විශ්වවිද්‍යාලයේ සිට නිවාඩු ලබා නිවසට යාමේ අදහසින් බස් රථයකින් පැමිණ හසලක නගරයෙන් බැස තිබේ.
එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි එම සිසුවා පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණියගේ සහෝදරයා ඔහුව බලහත්කාරයෙන් මෝටර් රථයක දමාගෙන පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.