ජාතික ජන බලවේගය රගය ඊයේ ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන්, ආර්ථික විශ්ලේෂකයෙකු වන ධනනාත් ප්රනාන්දු මහතා අදහස් දක්වා තිබේ.
රජය ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් සමස්තයක් ලෙස යහපත් අදහසක් ඔහුට තිබෙන බව ඔහුගේ අදහස් දැක්වීම තුළ පෙනී යයි.
ප්රධාන වශයෙන්ම, රජය පුද්ගලික අංශය සමග ඒකාබද්ධව ආර්ථිකය ඉදිරියට යාමට ගෙන තිබෙන ප්රතිපත්තිමය තීන්දුව පැසසුමට ලක් කරන ඔහු, එය ඉතා නිවැරදි තීන්දුවක් බව අවධාරණය කරයි.
නව රේගු පනතක් ඉදිරිපත් කිරීම, පෞද්ගලික අංශය හා ඒකාබද්ධ වී, අපනයන සංවර්ධන කලාප ස්ථාපිත කිරීමටත්, කොළඹ වරායේ පර්යන්ත දෙකක් සංවර්ධනය කිරීමටත් ත්රීකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීමටත් ගෙන තිබෙන තීරණය මෙහි දී ඔහු විශේෂ අවධානයට යොමු කරයි.
එමෙන්ම අස්වැසුම සදහා රුපියල් බිලියන 232 ක මුදලක් වෙන් කිරීම මගින් සමාජ ආරක්ෂණය පිළිබදව රජයේ අවධානය ගැඹුරින් යොමු වී ඇති බව පෙනී යන්නේ යැයි ද ධනනාත් ප්රනාන්දු පවසයි.
කෙසේ වෙතත්, රජයේ සේවක වැටුප් ඉහළ නැංවීමට ගෙන තිබෙන තීරණය යම් අවදානමක් නිර්මාණය කරන බව ඔහුගේ අදහසයි. ඔහු පවසන ආකාරයට, මේ තරම් ප්රමාණයකින් රාජ්ය සේවක වැටුප් ඉහළ දැමීමට ආර්ථිකයට දැරිය නොහැකි බරකි.
ඔහු පවසන ආකාරයට, අයවැය මගින් යෝජනා කර තිබෙන වැටුප් වැඩිවීම සදහා අවුරුදු තුනක් ඇත-ළත රුපියල් බිලියන 300 ක මුදලක් රජය සොයා ගත යුතුව තිබේ.
කෙසේ වෙතත්, වෙළද පොළ කම්පනයට පත්වන තීන්දු ගෙන නැති වීම මෙවර අයවැය යෝජනා තුළ දක්නට ලැබෙන තවත් එක් ප්රධාන යහපත් ලක්ෂණයක් බව ද ඔහු අවධාරණය කරයි.