කිසිම බද්ධක් වැඩි නොකර රටේ ආදායම සියයට 50කින් වැඩි කිරීමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ මාතර, කඹුරුපිටිය සභාව අමතමින් එහි නායක පාඨලී චම්පික රණවක මහතා ඊයේ (17) පැවැසීය.
මනා කළමනාකාරීත්වය ඒ සඳහා අත්‍යවශ්‍ය බවත් හෙතෙම මෙහි දී කීවේය.
අද විදුලිබිල, පෙට්‍රල් මිල වැඩි වෙලා තිබෙන්නේ ලෝක වෙළෙඳපොළේ තත්ත්වයක් නිසා නොවෙයි. බදු නිසයි. හොඳට විදුලිය භාවිත කළ අපේ රටේ පවුල් පන් ලක්ෂයක් අද විදුලිය භාවිත කරන්නේ ඉතා අඩුවෙන්. තව පවුල් හාර ලක්ෂයක් ලංකාව දාලා ගිහින්. තවත් පවුල් පන් ලක්ෂ පනස් දහසක විදුලිය කපාලා. පෙට්‍රල් මිල අද ඉහළ ගිහින් තිබෙනවා. මේවා ජනතාවට දරා ගන්න බැහැ. අපි කරන්න ඕනේ විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව විනිවිද භාවයෙන් යුතුව කටයුතු කර අඩුම තැනින් මේවා මිලදී ගැනීමයි. ඒ වගේම ඒ ඒ අදාළ තනතුරුවලට නියම මිනිස්සු දාන්න ඕනේ. මනා කළමනාකාරිත්වයක් අවශ්‍ය කරනවා. අපි කරන්න ඕනේ රට ඇතුළේ ධන උත්පාදනය කිරීමයි.