මෙවර අයවැය 2030 ඉලක්ක සමග සමපාත වෙනවා – ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලය කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා, ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුමට ලක්ව තිබේ.

මෙම අයවැය යෝජනා, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ දැක්ම සහ 2030 වසර සදහා එහි ඉලක්ක සමඟ සමපාත වන බවයි ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ.

ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමත්, සහනාධාර සැපයීමත් දූෂණය මැඩපැවැත්වීමත් කෙරෙහි රජය 2025 වසර සදහා ඉදිරිපත් කර තිබෙන අයවැයෙන් මූලික අවධානය යොමු කර තිබේ.

ඊට අමතරව, රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයෙන් යුතුව යටිතල පහසුකම් වර්ධනය කිරීමටත්, ඩිජිටල් අආර්ථිකයකට මුල පිරීම කෙරෙහිත් වන රජයේ මුල පිරීම, ලංකා වාණිජ මණ්ඩලයේ පැසසුමට හේතු වී තිබේ.

2025 වසර සදහා ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා ත-ුළ නව රේගු පනතක් හදුන්වා දීමට රජය සැලසුම් කර තිබේ.

එමෙන්ම, ආයෝජන දිරි ගැන්වීම සදහා තනි කවුළුවක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත ය. ඊට අමතරව, ආර්ථික ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම පිළිබදවද රජයේ අවධානය යොමු ව තිබේ. මේ සියල්ල යහපත් ප්‍රවණතා ලෙස ලංකා වාණිජ මණ්ඩලය හදුනා ගනියි.

පවතින බදු රාමුව රදවා ගැනීමට අයවැය යෝජනා තුළ රජය කටයුතු කර තිබේ. එමෙන්ම, ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයෙන් 13% ක සීමාවේ පවත්වාගෙන යාමටද රජය කටයුතු- කර තිබේ.

අයවැය පැසසුමට ලක් කිරීම සදහා මෙම සියළු කරුණු හේතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *