සිදුහත් කුමරු උපන්නේ බඹරගල බුදුවුනේ හබරණ – පිරිනිවන් පෑවේ බුදුගල – භික්‍ෂූන් වහන්සේ නමක් කියයි

සිදුහත් කුමරුගේ උපත සිදු වූයේත්, බුද්ධත්වයට පත් වූයේත් ශ්‍රී ලංකාවේදී බව භික්‍ෂූන් වහන්සේ නමක් විසින් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් එහිමියන් පවසන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ හබරණ හිරිවඩුන්න බෝධිය අසලදී බවයි.

සිදුහත් කුමරුන් උපත ලැබුවේ බඹරගල රජමහා විහාරයේදී බවත් බුදුන් වහන්සේ පිරුණුවන් පාන ලද්දේ අද බුදුගල නමින් හඳුන්වන කුසිනාරානුවර බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.

මෙය තමන් වහන්සේගේ පර්යේෂණයේ නිගමනයක් බවත් තවත් අයට ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබිය හැකි බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *