හරක් කටාට CIDයෙන් පනින්න සහාය වු කොස්තාපල් දිවයිනට රැගෙන එයි

“හරක් කටාට” CIDයෙන් පළායාමේ උත්සාහය සඳහා අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දීය ආරක්ෂක අංශ මගින් එරටදී අත්අඩංගුවට ගැනීමනේ අනතුරුව දිවයිනට රැගෙන විත් තිබේ.

මීට අමතරව ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් තිදෙනාද දිවයිනට රැගෙනවිත් ඇත. 

ඉන්දීයාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ සිටි අද (19) දහවල් 12.35ට පමණ එම සැකකරුවන් රැගෙන ආ බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය.

එම සැකකරුවන් සිව්දෙනා මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *