මිද්දෙණියේ කජ්ජා ඝාතනය දකුණේ පාතාලයේ කොන්ත්‍රාත්තුවක් බව හෙළි වෙයි

තංගල්ල, මිද්දෙණිය, කඩේවත්ත මංසන්ධියේදී යතුරුපැදියකින් යමින් සිටි අරුණ විදානගමගේ හෙවත් ‘මිද්දෙණියේ කජ්ජා’ නමැති අපරාධකරු සහ ඔහුගේ හය හැවිරිදි දියණිය ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණේ ක්‍රියාත්මක වන පාතාල කල්ලියක් විසින් ලබාගත් කොන්ත්‍රාත්තුවක් මත බව මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

දකුණේ ප්‍රබල දේශපාලන පවුලක් සමග ඉතාම සමීපව කටයුතු කර ඇති මෙම පුද්ගලයා පසු කලෙක එම පවුල විසින් ඔවුන් සමග පැවැති සබඳතාවන්ගෙන් ඉවත් කර ඇත.

ඝාතනයට ලක්වූ මිද්දෙණියේ කජ්ජා නමැති අපරාධකරු චමුදිත සමරවික්‍රම සමග පැවැත්වූ යූටියුබ් සාකච්ඡා කිහිපයකදීම මෙම දේශපාලන පවුල දැඩි විවේචනයට ලක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *