සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල පවසනවා. ඒ
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළා. රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ හුදකලා සිදුවීම් පමණක් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටිනවා. හුදකලා සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නොසැළකිය යුතු බව ද ඔහු පෙන්වා දෙනවා. රජය විසින් රට තුළ ජාතික ආරක්ෂාව සහතික කර ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ මෙලෙස අවධාරණය කළා.