අලුත්ම ත්‍රීවීල් එකක මිල ලක්ෂ 20ක් දක්වා ඉහළට

මෙරටට පනවා තිබූ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ති‍්‍රරෝද රථ ආනයනය නැවතත් ආරම්භ කර තිබේ.

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ඒ අනුව පෙර ඇනවුම් භාර ගැනීමට ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇත.

ඔවුන්ගේ අලුත්ම අලුත් ත්‍රීරෝද රථයක මිල ගණන් දක්වා ඇත්තේ භාණ්ඩ හා සේවා බද්ධ රහිතව රුපියල් 1,690,678ක් ලෙසයි.

භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *