සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය අත්අඩංගුවට


ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුව සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙහිදී සිද්ධියට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මහරගම පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ අදාල කාන්තාව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *