මහින්ද යුගයේ මෙහෙම තැන් තැන්වල මිනිස්සු මැරුවේ නෑ – මනෝජ් ගමගේ

මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරන යුගය තුළ මෙවැනි පාතාල ක්‍රියාකාරකම් සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ් පවසයි.

“දැන් මේ රාජපක්ෂලාට පාතාලයේ චෝදනා එල්ල කරනවා. හැබැයි මම මේ රටේ ජනතාවගෙන් අහනවා, මම මේ රටේ මාධ්‍යවේදීන්ගෙන් අහනවා, මහින්ද රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලය තිබුණද? ගෝඨාභය රාජපක්ෂ යුගයේදී මේ වගේ පාතාලය තිබුණද? ඒකට උත්තරේ නෑ. ජනතාව එයාලගේ හෘද සාක්ෂිය දන්නවා මේ වගේ තැන් තැන්වල මිනිස්සු මැරුවේ නෑ. කොටින්ම කියනවා නම් තමන් පාතලයේ නම කියනවාටත් බය වුණා. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී. කරුණාකරලා ටියුෂන් ගන්න ඕනේ නම් යන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට.”

ඔහු මේ බව සඳහන් කළේ අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

@iri.news

මහින්ද යුගයේ මෙහෙම තැන් තැන්වල මිනිස්සු මැරුවේ නෑ – මනෝජ් ගමගේ #politics #mahindarajapakshe #news #viralnews

♬ original sound – Iri News – Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *