කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලීසියෙන් වෙඩිකා මිය යයි

කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීය.

සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ,

@iri.news

කොටහේන ඝාතකයින් වෙඩි කා මිය ගිය ඇත්ත කතාව එළියට එයි #kotahena #srilanka #police #news #viralnews #fyp

♬ original sound – Iri News – Iri News

“ඊයේ (21) රාත්‍රී 9ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නමැති පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකළා.”

“යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා.”

“වෙඩිවැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමේන් පසු ජීවිතක්ෂයට පත් වුණා.”

“වෙඩිතැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පලායමින් සිටියදී පොලීසිය හඹා ගොස් අත්අඩංගුවට ගත්තා.”

“මෙම ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ ගිනිඅවියත් එහිදී පොලිස් භාරයට ගැනුණා.” 

“පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා.”

“එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා.”

“පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.”  

“මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබුවා. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා.” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *