තම වෙළඳසැලේ සහල් තිබියදී, සහල් නොමැති බව ප්‍රකාශ කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා.
එහිදී අදාළ ව්‍යාපාරිකයා තම වරද පිළිගෙන ඇති අතර, රුපියල් 10,000ක දඩයක් අධිකරණය මගින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම, රුපියල් ලක්ෂ 03කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත කිරී සම්බා සහල් අසුරන 237ක ප්‍රමාණයක් රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.