රනිල් පුංචි ඡන්දයේ වැඩට බහියි


පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

@iri.news

රනිල් පුංචි ඡන්දයේ වැඩට බහියි. #ranilwickremesinghe #politics #news #breakingnews #srilankan_tik_tok🇱🇰

♬ original sound – Iri News

පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හා ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ට එහි වගකීම් පවරා ඇත.

පසුගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණයට පක්ෂය මුහුණදෙන ආකාරය දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

අනෙකුත් පක්ෂ සමඟ එක්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ ඇති වැදගත්කමද එහිදී නියෝජිතයන් පෙන්වා දී තිබේ.

රටේ වත්මන් තත්ත්වය මෙන් ම රට තුළ ගොඩ නැඟෙමින් පවතින නව දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමට කඩිනමින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මෙහිදී දැනුම් දී ඇත.

පක්ෂයේ සභාපතිවරයා සහ ජාතික සංවිධායකවරයා මෙහිදී මූලිකත්වය ගෙන එම වැඩසටහන සැලසුම් කරන ලෙසට හිටපු ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන, උප සභාපති නවීන් දිසානායක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *