පාන් ගෙඩියේ බර ග්‍රෑම් 400 දක්වා අඩු කරන්න – බේකරි සංගමය ඉල්ලයි

පාන් ගෙඩිය රුපියල් 120ට අලෙවි කරනවා නම් එහි නිල බර ග්‍රෑම් 400ක් විය යුතු යැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පවසයි.

රජය පාන් ගෙඩියක බර ග්‍රෑම් 450කට නියම කළද බොහෝ බේකරි හිමියන් නිෂ්පාදනය කරනුයේ අඩු බර පාන් බව තමා පිළිගන්නා බවය. එයට හේතුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් ප්‍රකාශිත මිලට සැපයීමට ප්‍රායෝගිකව දුෂ්කර වීම බවය. ඒ නිෂ්පාදන වියදම වැඩිවීම හේතුවෙනි.

අඩු බර පාන් වැටලීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුව ඇති අතර එසේ වැටලීම් කිරීම මගින් පාන් ගෙඩියේ මිල හෝ බර පාලනය කිරීමට අපහසු බව ඔහු පෙන්වා දෙයි. ඒ නිසා කළ යුතු වන්නේ පාන් ගෙඩියක බර ග්‍රෑම් 400ක් ලෙස රජය නිල වශයෙන් පිළිගැනීමයි. එවිට එම බරට වඩා අඩුවෙන් පාන් නිෂ්පාදනය කිරීම බොහෝ දුරට පාලනය වන අතර ග්‍රෑම් 400ක පාන් ගෙඩියක් රුපියල් 120-230 අතර මිලකට අලෙවි කිරීමට බේකරි නිෂ්පාදකයන් කැමැති බවද හෙතෙම පවසයි.

තමා මේ පිළිබඳ දැනටමත් ඇමැතිවරයාට දන්වා ඇති අතර සාධාරණ තීරණයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *