ජාතික ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සිදු නොවිය යුත්තක් ලෙස තමා සලකන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සදහන් කළාය.
එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් ගත් පියවර ගැන තමා සතුටු වන බව ද තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් යම් වරදක් සිදුවුවහොත් එය නිවැරදි කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ද පැවසූ අග්‍රාමාත්‍යවරිය එය තම පක්ෂයේ ඇති දේශපාලන සංස්කෘතිය බවද සඳහන් කළාය.ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.