ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, අනුරාධපුර පැවැති හමුවකදීයී.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ මැයෙන් අනුරාධපුර ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සුහද හමුව පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධී සංවර්ධන අරමුදල් පනත පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.