දැරියකට වද දුන් රුහුණේ කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගනියි

දැරියක් කෲරත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  

දරුකමට හදාගත් වයස අවුරුදු පහමාරක දැරිය මෙලෙස එම කථිකාචාර්වරයා කෲරත්වයට පත්කර ඇති බව හෙළිවී ඇත.අදාළ කථිකාචාර්වරයා සිය නිල නිවසේදී දැරියට විවිධ හිංසා සිදුකර ඇති බවට පසුගිය සිකුරාදා පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ඒ අනුව දැරිය එදිනම පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර තිබේ.වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දැරිය කෲරත්වයට සහ විවිධ හිංසනයන්ටද ලක්ව ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *