ජනතාව අතරට යෑම ජනපතිගේ ආරක්ෂාවට තර්ජනයක් – රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අගවයි

ජනතාවට අතරට යෑම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් තිබෙන බව රාජ්‍ය බුද්ධි අංශ අනතුරු අගවා තිබේ.එය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම රටේ පවතින පාතාල ක්‍රියාකාරකම් ඇතුළු යම් යම් ක්‍රියාකාරකම් ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ලැබෙන අතර එම පාතාල ක්‍රියාකාරකම් පිටුපස වෙනත් බලපෑමක් පවතින්නේ යැයි ද ආරක්ෂක අංශවලට සැකයක් ඇති ව තිබේ.

ඒ හේතුවෙන් බුද්ධි අංශ පාතාල ක්‍රියාකාරකම් පිටුපස කවුරුන් සිටින්නේදැයි සොයා බැලීම සිදු කරන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *