සියලුම පාස්පොර්ට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට තීරණය කරයි

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බවයි 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *