පොලොන්නරුවේ සහල් මෝලක් ගැන පියවර ගන්න පරීක්ෂණ අරඹයි

පොළොන්නරුවේ පිහිටි එක් සහල් මෝලක් සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වෙලඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

එම සහල් මෝල විසින් රජයේ පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරමින් ඇති බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවද කියා සිටියේය.

අදාල සහල් මෝල සදමා බිලියන 15ක් රජය විසින් ණය ලබා දී ඇති බවත් එම ණය මුදලින් ගොවියාගෙන් වී ලබාගෙන මෙසේ කටයුතු කරන බවටද ඔහු චෝදනා කළේය.

අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දක්වමින් ඔහු මේ අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *