දළදා පෙරහර හැඩ කළ නර්තන ශූරී පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි

මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා අද (25) අභාවප්‍රාප්ත විය.

එතුමා මියයන විට 85 වැනි වියේ පසු විය.

1940 ජනවාරි මස 13 වනදා මහනුවරදී උපත ලද ඒ මහතා, අවුරුදු 8 සිට මහනුවර – අමුණුගම සුරඹා ගුරුන්නාන්සේගෙන් නර්ථනය හදාරා තිබුණි.

දශක 5ක් පුරා හෙළයේ මහා අසිරිමත් කලා මංගල්‍යය වන කන්ද උඩරට ශ්‍රී දළදා පෙරහර වර්ණවත් කිරීමට එතුමාගේ දායකත්වය නොමදව හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *