දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රියේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 8ත් 10ත් අතර පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම දුම්රිය දිනපතා බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන අතර, එහිදී දෙමෝදර පාලම සහ ඇල්ල ආරුක්කු 9 පාලම අසලදී මිනිත්තු 10 බැගින් නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබාදෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සදහන් කළේ, මෙම දුම්රියේ ආදායම පසුගිය 17 වනදා රුපියල් ලක්ෂ දහයේ සීමාව ඉක්මවූ බවයි.