මහ බැංතු බැදුම්කර ගනුදෙනුවකට අදාල විමර්ශනයක් සදහා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි.
ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුන ද මේ වනවිට සිංගප්පූරු පුරවැසියෙක් බැවින් තම පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ඇතැයි ද සදහන් කර තිබේ.හිටපු ජනාධිපතිවරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ද පවසා තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවට භාර දුනහොත් ජාත්‍යන්තර යුදාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ද ශ්‍රී ලංකා රජය විසින් ලබාදිය යුතු වන බවය.