හිටපු කතානායක මාස 9ට තෙල් ගහන්න ලක්ෂ 334ක් වැය කර ඇති බව හෙළි වෙයි

හිටපු කථානායකවරුන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සිය සේවා කාලය තුළදී භාවිත කළ වාහන සහ ඉන්ධන සඳහා වියදම් කළ මුදල් සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (27) පාර්ලිමේන්තුවේ දී අනාවරණයක් සිදුකළා.

ඒ අනුව 2024 නොවැම්බර් දක්වා කාලය තුළ කථානායක නිල නිව​සේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 70 ක් සිටි බවයි අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් ක​ළේ.

2024 ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා හිටපු කථානායකවරයා වාහන 09 ක් භාවිත කර තිබෙන බවත්, එම මාස 09 ක කාලයට පමණක් ඉන්ධන සඳහා රුපියල් ලක්ෂ 334 ක් වැයවී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම හිටපු නියෝජ්‍ය කථානායකවරයා වාහන 06 ක් භාවිත කර ඇති අතර, මාස 09 ට ඉන්ධන සඳහා ලක්ෂ 135 ක් වියදම් කර ඇති බවත් හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති වාහන 04 ක් භාවිත කර ඇති බවත්, ඒ සඳහා ඉන්ධන වශයෙන් රුපියල් ලක්ෂ 72 ක් වියදම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම වර්තමාන කතානායකවරයාගේ ජනවාරි මාසය සඳහා සම්පූර්ණ වියදම 33,000 ක් පමණක් බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *