වියදම් කප්පාදු කරමින් ජනපති හදන අලුත් දේශපාලන සංස්කෘතිය ගැන සතුටුයි – දායාසිරි ජයසේකර

වියදම් කප්පාදු කරමින් ජනාධිපතිවරයා වර්තමානයේ දී හදන සංස්කෘතිය ගැන සතුටු වන්නේ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය.

අය – වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“ජනාධිපතිවරයා වර්තමානයේ දී හදන සංස්කෘතිය ගැන අපි සතුටු වෙනවා. මොකද අපිත් එක්ක විපක්ෂයේ කාලයක් එතුමා ඉඳලා ඒවා කතා කළා. දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉස්සර වුණේ පොලීසිය පාතාලයට රිංගපු එක. නමුත් දැන් වෙලා තිබෙන්නේ පාතාලය පොලීසිය අස්සට රිංගලා. ජවිපෙ ඒ කාලයේ භාවිත කළ අවි ආයුධ 2136ක් බාර දීලා නැහැ. ඒවා බාර දෙන්න කියලා අපි කියනවා.

පාර්ලිමේන්තුවේ කෑම ගැන කතා කරනවා. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ නිසා තමයි ඇතුළට කෑම ගේන්න දෙන්නේ නැත්තේ. අජිත් කුමාර කියන පුද්ගලයා දවස් පතා කෑම එකේ බෝම්බ කෑලි අරගෙන ඇවිත් ඒවා එකතු කරලා බෝම්බ ගහනවා. අපි ඒක නිසා කෑම එකක් ගේන්න තීරණයක් කරමු. අපට පාර්ලිමේන්තුවෙන් කෑම ඕන නැහැ. අපි ගෙදරින් කෑම එකක් ගෙනත් කාලා යන්නම්. වැඩිපුරම විපක්ෂයේ සිටිද්දී පාර්ලිමේන්තු සේවකයන් ගැන කතා කළේ අනුර කුමාර මහතා. අද වන විට පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු දීමනාවවත් දෙන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *