විදේශයන්හි සිට ලංකාවේ පාතාලය ක්රියාත්මක මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ සංවිධානාත්මක ජාලය බිද දැමීමට ආරක්ෂක අංශ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනූව ඩුබායි,ඉන්දියාව සහ ඉතාලිය වැනි රටවල සැගවී සිටින අපරාධ කල්ලි නායකයින් මෙරට සිටින අපරාධකරුවන් දුරකථන ඔස්සේ සිදු කෙරෙන තොරතුරු හුවමාරුව පිළිබදව සෙවීමට යාන්ත්රණයක් සැකසීමට ආරක්ෂක අංශ කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.
ඊට අමතරව රට තුළ ක්රමිකව වර්ධනය වෙමින් පවතින පාතාලය මැඩලීමට පොලිසියට අමතරව හමුදාව සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු බුද්ධි අංශ නිළධාරීන් 5000ක් බස්නාහිර සහ දකුණු පලාතට යෙදවීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.