ලාංකීය දේශපාලනය තුළ කැපී පෙනෙන චරිතයක් වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව ඇසුරින් සිනමා පටයක් නිර්මාණය කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
‘Thawthisa Pictures’ වෙනුවෙන් මොහාන් පෙරේරා විසින් නිෂ්පාදනය කරන මෙම සිනමා පටයේ වැඩකටයුතු සඳහා ඉන්දියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.
චිත්රපටය ගෙතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය සහ යුද සමය පාදක කරගනිමින් බවයි වාර්තා වන්නේ.
පහතින් දැක්වෙන්නේ, චිත්රපටයේ මුල් තිර පිටපත මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අවස්ථාවයි.


