ආබාධය බාධාවක් කර නොගත් නව හැවිරිදි භාක්‍යරාසා ඉහළ මතක ධාරිතාවක් ඇති සිසුවා ලෙස ලෝක වාර්තාවක් තියයි

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමළ විද්‍යාලයේ අවුරුදු 09 ක් වයසැති ඕටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන භාක්‍යරාසා මුරලිදරන් සිසුවා ඉකුත් 22 දා පිහිටුවිය.

භාක්‍යරාසා මුරලිදරන් සිසුවා ඕටිසම් රෝගයෙන් පෙළෙන සිසුවකු වන අතර ඔහුගේ ගුරුවරයාගේ මග පෙන්වීම යටතේ මෙම ලෝක වාර්තාව පිහිටුවීමට කටයුතු කර තිබුණි. ලෝකයේ සියලුම රටවල්වල අගනුවර, ධජය, මුදල් ඒකකය, වත්මන් නායකයින්, එම රටවල ප්‍රසිද්ධ ක්‍රීඩාවන් සහ සාමාන්‍ය දැනුම ආශ්‍රිත ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් භාක්‍යරාසා මුරලිදරන් සිසුවා චෝලන් ලෝක වාර්තාව පිහිටුවීය.

මෙම වාර්තාව පිහිටු වූ භාක්‍යරාසා මුරලිදරන් සිසුවාට හිමි පදක්කම සහ සහතික පත්‍රය චෝලන් ලෝක වාර්තා පොත් සමාගමේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ ප්‍රධාන විධායක කමිටු සභික පෙරුමාල් නීලමේගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *