පින්නවල අලි ඇතුන්ගේ දම්වැල් ගැලවීමට තීරණය කරයි

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර  තිබෙනවා.

ඒ අනුව එම අලි ඇතුන්ට හිරිහැරයකින් තොරව කාලය ගත කිරීමට අලි අරණක් ඉදිකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා කියා සිටී.

වනාන්තරවලදී සිය රංචුවෙන් අතරමන් වූ සහ අනතුරුවලට ලක් වූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අලි ඇතුන් 69 දෙනෙකු මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *