1-6 ශ්‍රේණිවල විෂය නිර්දේශය පූර්ණ ලෙස වෙනස් කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු හා හය ශ්‍රේණිවල විෂය නිර්දේශ පමණක් පූර්ණ වෙනසකට ලක්කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ පැවසුවාය.

එසේ ම, 10 වන ශ්‍රේණියේ විෂය පද්ධතිය අර්ධ වශයෙන් වෙනස් වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවාය.

නව ප්‍රතිසංස්කරණ යටතේ අනෙකුත් ශ්‍රේණිවල සැලකිය යුතු වෙනස්කම් සිදු නොවන බව ද විතානපතිරණ මහත්මිය සඳහන් කළා ය.

මෙම ශ්‍රේණි තුනෙහි නව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය 2026 මුල සිට පන්ති කාමරවල ක්‍රියාත්මක කරන බව ද ඇය කීවාය.

ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවලට අවශ්‍ය තොරතුරු ලබා දීම, ගුරු පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම, මොඩියුල සකස් කිරීම, පොත්පත් සකස් කිරීම ආදී වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යුහුසුලුව සිදුවෙමින් ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවාය.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට උපරිම කැපවීම ලබා දී තිබෙන බව ද ඇය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *