දීමනා සියල්ල ලැබිය යුතුයි,ඒක අපේ අභිමානයට ප්‍රශ්නයක් වෛද්‍යවරු කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුව සම්බන්ධයෙන් මෙහිදී විරෝධය පළ කර තිබෙනවා.

“2025 අයවැය හරහා වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි යෝජනාව මූලික වැටුපෙන් 1/80 සහ නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක කියන අගයත් කප්පාදු කරලා. 1/80 වෙනුවට 1/120 ලබාදෙන බවත්, නිවාඩු දින දීමනාව 1/20 වෙනුවට 1/30 ලබාදෙන බවටත් තීන්දු තීරණ අරන් තියෙනවා. වෛද්‍යවරුන්ට හිමි අමතර රාජකාරි දීමනාව 1/80 නැවත ලබා දිය යුතුයි. නිවාඩු දින දීමනාව 1/20 නැවත ලබා දිය යුතුයි ඒක අපේ අභිමානයට හොඳ නැහැ ” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියා.

මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මාර්තු 06 වන දින වන විට මෙම නිවැරදි කිරීම සිදුනොවුවහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දු තීරණ ගැනීමට රජයේ වෛද්‍ය නිලාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවයි.

“06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා.” යනුවෙන් ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *