රට පුරා මාතෘ සායනවල ගැබිනි මව්වරුන් ලියාපදිංචිය අඩු වෙයි

දිවයින පුරා මාතෘ සායනවල ගර්භණී මව්වරුන් ලියාපදිංචිවීමේ දැඩි අඩුවක් ඇති බවත්, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙතෙක් දරු උපත් අඩුවක් දක්නට ඇති බවත් රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ සංගමය මගින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම කාරණය රටට ඉතා කනගාටුදායක පුවතක්. දරු උපත් අඩුවීම අනාගතයේදී රටට දැඩිසේ බලපාන කරුණක්. විශේෂයෙන්ම වත්මන් බොහෝ තරුණ පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත්, අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික දුෂ්කරතාත් දරු උපත් අඩුවීමට හේතුවක් වන බව ද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් රජය ද මේ සඳහා මැදිහත්වී අඩු ආදායම්ලාභී පවුල්වලටවත් සහනදායි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *