දේශබන්දු සමග වැලිගම පොලිස් මුලස්ථාන පරීක්ෂකත් අතුරුදහන් වෙයි

වැලිගම සංචාරක හෝටලයක් ඉදිරියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා සිටින, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉන්නා තැනක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී තිබේ.

ඒ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ම, වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාද වහා අත්අඩංග-ුවට ගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන අතර, ඔහුද, හිටපු පොලිස්පතිවරයා මෙන්, ඉන්නා තැනක් සොයා ගැනීමට නොහැකි ලෙස සැගවී ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *