බත්,ෆ්‍රයිඩ් රයිස්, කොත්තු මිල ඉහළට

භාණ්ඩ හා සේවාවල පවතින මිල ගණන් සලකා බලා ඉදිරි දින කිහිපය තුළ ආහාරපානවල මිල රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

‘මව්බිම’ සිදු කළ විමසීමකදී එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, වෙළෙඳපොළේ සහල්, එළවළු, මස්‍, මාළු, බිත්තරවල මිල ගණන් තවදුරට ත් ඉහළ මට්ටමක පැවතීම නිසා ඉදිරි දින කිහිපය තුළ බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු ආදී ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදු වනු ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *