ආපහු මේ වගේ වැඩ කරන්නේ නෑ – CID ඇතුළට ගිය තෙල් බෙදුම්කරුවන් කියයි

සිදුකළ කැඳවීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික ශාන්ත සිල්වා ඉන් පිටව ගොස් තිබේ.

අවශ්‍ය ප්‍රකාශ ලබා දී පැය 5කට පසුව ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගිය ගොස් ඇත.

තෙල් බෙදුම්කරුවන් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඩපණ කිරීමේ ප්‍රයත්නයක නියැලෙස බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව අද (04) මොවුන් දෙදෙනාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *