සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනයත් අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියටද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර තිබුණි.

කෙසේ නමුත් අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති  සාකච්ඡාවේ අනුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම වර්ජනය මාර්තු මස 17වනදා උදෑසන 8 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *