ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසනවා.
ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට අද (5) දක්වා කාලය තුළ පොලීසිය හා යුද හමුදා පොලීසිය එක්ව සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගත්පිරිසෙන් බහුතරය යුද හමුදා සමාජිකයන් වන අතර, එම සංඛ්‍යාව 535කි.
ඊට අමතරව නාවික හමුදාවේ 63 දෙනෙකුද, ගුවන් හමුදාවේ 81 දෙනෙකුට මෙම අත්අඩංගුවට ගත් පිරිසි අතර සිටියි.
පසුගිය මස 22වනදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාද පවසා සිටියේ ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට තමන් නියෝග කළ බවයි.