හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව නීතිය හමුවට රැගෙන යාම වැළැක්වූ බවට තමාට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.
‘News Wire’ පුවත් වාර්තාවකට අනුව අද (06) දිනයේ අල් ජසීරා නාලිකාවේ විකාශය වීමට නියමිත ‘Head to Head’ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබුණා.
අල්ජසීරා නාලිකාවේ මාධ්‍යවේදී මේදි හසන් මෙහෙයවනු ලැබූ මෙම සාකච්ඡාව අතරතුර ඇති වූ උණුසුම් තත්වයක් මත සාකච්ඡාව ආරම්භ වී මිනිත්තු 8ක් පමණක් ගත වී තිබියදී තමා එම ස්ථානයෙන් ඉවත්ව යන බවටද රනිල් වික්‍රමසිංහ මහතා තර්ජනය කර ඇති බව වාර්තා වෙනවා.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ඊට රජයේ නිලධාරීන්ගේ තිබිය හැකි සම්බන්ධතා නිසි ලෙස විමර්ශනය කිරීමට තම රජය අපොහොසත් වූ බවට එල්ල වන චෝදනා ද ප්‍රතික්ෂේප කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇති බව සඳහන්.
ගෝඨාභය රාජපක්ෂට නඩු පැවරීමෙන් වැළකී සිටීමට උදව් කළේ දැයි විමසූ විට, අදාළ නීතිමය තීරණ ගනු ලබන්නේ දේශපාලනඥයන් නොව නීතිපතිවරයා බවද රනිල් වික්‍රමසිංහ පැහැදිලි කර තිබූ අතර 2022 වසරේදී දී පළවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා තිබුණේ, නෛතික වශයෙන් ගෝඨාභය රාජපක්ෂට චෝදනා නොතිබූ හෙයින් එය වැළැක්වීමට තමාය අයිතියක් නොමැති බවයි.