චාමර සම්පත් පත් කළ සභාපති ජනාධිපති ඡන්දයට කලින් දවසේ කෝටි 25ක මැණික් මල්ල පන්නයි

නිසි පරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණ නියෝගයක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි භාරයට පත් කළ කෝටි 25ක මැණික් මල්ලක් අවසරයකින් තොරව මුද හැර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

පසුගිය දා රැස් වූ කෝප් කමිටු සමාජිකයින් මේ පිළිබද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිළධාරීන්ව දැඩිව ප්‍රශ්න කර තිබේ.

එවකට අදාල විෂ්‍ය භාර අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා වන චාමර සම්පත් විසින් පත් කළ සභාපතිවරයෙකු මෙලෙස මැණික් මල්ල නිදහස් කර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම මැණික් තොගය ජනාධිපතිවරණයට කලින් දවසේ නිදහස් කර ඇති බව ද එවකට විෂ්‍ය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ කටයුතු කර ඇති බව ද කෝප් කමිටුවේදී අනාවරණය නී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *