බටලන්ද කොමිෂන් සභා වාර්තාව BBC මාධ්‍යවේදිනිය අන්තර්ජාලයට මුදා හරියි

Al Jazeera රූපවාහිනී සංවාදයේදී Frances Harrison හිටපු BBC මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව, අන්තර්ජාලයට මුදා හරිමින් ඇය X සටහනක් තබා තිබෙනවා.

අදාළ සංවාදයේදී Al Jazeera මාධ්‍යවේදියා විසින් මෙම වාර්තාව උපුටා දක්වමින් ප්‍රශ්න කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි වාර්තාවක් නොපවතින බවට දැඩිව ප්‍රකාශ කළ අතර, එවිට Frances Harrison විසින් අදාළ වාර්තාවේ ඇය සතුව තිබූ පිටපතක් ඉදිපත් කිරීමට කටයුතු කළා.

එසේ ඉදිරිපත් කළ වාර්තාව අන්තර්ජාලයට මුදා හරිමින් ඇය පවසා ඇත්තේ බටලන්ද වධකාගාරය ගැන ජනාධිපති ​කොමිශන් සභා වාර්තාවක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

එම වාර්තාවේ සිංහල පරිවර්තනය පහලින් බාගත කරගත හැකියි.

https://sinhala.srilankabrief.org/wp-content/uploads/2023/03/Batalanda-Commission-Report-Srilanka_text.pdf?fbclid=IwY2xjawI3k_lleHRuA2FlbQIxMAABHQ_3dCbq75jsxNKmHcTGBuE77xF_ccUGWk01WsiXbHyDQqtuSoJPe7tVow_aem_BKUzzbi70y4Y3QUQmXffnw

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *