ඉදිරියේදී ලංගම සහ දුම්රිය සේවයට කාන්තාවන් බදවා ගැනීමට තීරණය කරයි

ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

අද(7) ප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මෙන්ම නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කරලා තියනවා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳව ගන්න.. බස්රථ රියදුරුවරියන්පයිලට්ලාගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වේවි.. හෙටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් මේ තීරණය ගත්තා.. ඒ වගේම සිහිනයක් තියනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න….”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *