මෙවර පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීයි.
මිහින්තලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත පොසොන් උත්සව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොසොන් කමිටුව මිහින්තලය රජමහා විහාරස්ථානයේදී රැස්වුණා.